වනාන්තර, ගංගා, විල්, දිය ඇලි සහ වනජීවින් ඇතුළු ශ්‍රී ලංකාවේ වටිනා ස්වභාවික සම්පත් බොහෝවිට නිසි සැලසුමක් නොමැති සංවර්ධන කටයුතු වලින් වේගයෙන් විනාශ වෙමින් තිබේ. තෝරාගත් විශේෂ පුද්ගලයින්ට සහ පාර්ශවකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍ර ඇත.

මේ ආකාරයෙන් මෙය සිදුවීමට ඉඩදී අප බලාසිටියහොත් සමෘද්ධිමත් ජාතියක් ලෙස ජීවත්වීමට අපට අවශ්‍ය අපගේ අගනා ස්වභාවික ලෝකය අපට සදහටම අහිමිවී යනු ඇත. පවතින නියඟය මෙන්ම සමහර දිස්ත්‍රික්ක වලට පානීය ජලය පවා නොමැතිවීම සහ දැඩි රස්නය මෙම පාරිසරික විනාශය තුළින් අප උරුමකරගත් විපත් වේ. මෙම පාරිසරික විනාශය වහාම නතර කළ යුතු බවට මේවා අනතුරු හැඟවීම් වන අතර ස්වභාවික ලෝකය සහ මානව ක්‍රියාකාරකම් අතර මනා තුලනයක් ඇතිකළ ගත යුතුව ඇතැයි මේ තුළින් අවධාරණය කර ඇත.

අපගේ සහයෝගය පහත සඳහන් දෑ වෙනුවෙන් හිමිවෙනු ඇත.

  • පරිසරයට හානි නොවන පරිදි සහ සමාජ පන්ති භේදයකින් තොරව සිදු වෙන තිරසාර සංවර්ධනයක් උදෙසා
  • අපගේ ජනතාව, ගස්වැල්, වාතය, ජලය, සාගර, ගංගා, ඉඩම් ඇතුළු අනිකුත් සියළුම වෙරළ, සාගර සහ පරිසර පද්ධතීන්වල ශුභසාධනය සහ අනාගතය ආරක්ෂා කරගැනීම සදහා
  • අප විශ්වාස කරන්නේ සියළු ශ්‍රී ලංකිකයින්ට එකට ජීවත්විය හැකි රටකි. එසේනොමැතිව, යමෙකුගේ වුවමනාව මත බෙදා විනාශකළ එක් රටක් නොවේ. අප විශ්වාස කරන්නේ සියළු පුරවැසියන්ට සමාන නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන රටකි.

ශ්‍රී ලංකාවේ වත්කම්

  • ශ්‍රී ලංකාව යනු ලෝකයේ ප්‍රමුඛතම ජෛව විවිධත්වයෙන් යුතු ස්ථාන 35 අතරට අයත් වන රටකි.
  • උභය ජීවීන්, ක්ෂීරපායින්, කුරුල්ලන්, මල් පැලෑටි සහ උරගයින් යන ජීවීන් කිලෝමීටරයක ව්‍යාප්තවීම අනුව ලෝකයේ 15 වන රට ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය කර තිබේ.
  • ලෝකයේ සිටින තල්මසුන් ඇතුළු ක්ෂීරපායී ගණයේ සතුන් 86 අතුරින් 26 දෙනෙකු මෙරට ජලයේදී දැකගත හැකි අතර තල්මසුන් වර්ග 13 ක් සහ ඩොල්ෆින් වර්ග 15 ක් ලංකාවේදී නැරඹිය හැකිය.
  • ලෝකයේ ජෛව ඒකදේශිකතාවය අතින් ඉහළ රටක් ලෙස ලංකාව කැපී පෙනේ. (ශ්‍රී ලංකාවේ සතුන්ගෙන් 16% ක් ආවේණික සතුන් වන අතර මල් පැලෑටි වලින් 23% ක් ආවේණික වේ.)
  • ජලජ ක්ෂීරපායී විශේෂ 86කින් 26ක් ලාංකීය මුහුදු තීරයේ සොයාගත හැකි අතර එයින් තල්මසුන් විශේෂ 13ක් සොයාගත හැකි අතර ඩොල්ෆින් විශේෂ 15ක් සොයාගත හැක.
  • වසරේ මෝසම් වැසි කාල දෙකක් තිබෙන අතර කෘෂි කාර්මික කටයුතු මේ අනුව සිදුකරයි.
  • පුළුල් සත්ව විශේෂ විවිධත්වයකටද, ආවේනික වූ සත්ව විශේෂ අධික ප්රුමාණයකටද, ඉතා විශාල ක්ශීරපායීන්ටද හිමිකම් කියන නිසා වන සතුන් නැරඹීම සඳහා ලෝකයේ තිබෙන කදිම ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්රදකටය.
  • ලෝකයේ විශාලතම ආසියානු අලින්ගේ රංචු ගැසීම සෑම වසරකදීම මින්නේරිය ජාතික උද්‍යානයේදී සිදුවේ.
  • යාල වනෝද්‍යානය ලෝකයේ ඉහලම දිවි ජනගහයකට හිමිකම් කියයි
  • ශ්‍රී ලංකාව නිල් තල්මසුන් සහ යෝධ තල්මසුන් දැක බලා ගැනීමට ඉතා ජනප්‍රිය ස්ථානයක් වේ.
  • ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂි විශේෂ සංක්යාව 33ක් වේ
  • රක්ෂිත වනාන්තර, ජාතික වනෝද්‍යාන, ස්වභාවික සම්පත් සහ අභය භූමි ඇතුළු අපගේ වන සම්පත
  • වැව්, දිය ඇලි, ගංගා, සාගර සහ වෙරල තිර ඇතුළු අපගේ වටිනා ජල සම්පත

ආධාරකරුවන්

  • පරිසර සංවිධාන සම්මේලනය
  • පරිසර පදනම් ආයතනය
  • ඔටාරා පදනම
  • වැසි වනාන්තර සුරකින්නෝ
  • වන ජීවීන් සහ සොබාදම සුරැකීමේ සංවිධානය
  • රී-ෆොරෙස්ට් ශ්‍රී ලංකා සංවිධානය
  • විල්පත්තුව සුරකිමු
  • පරිසර සංරක්ෂණ භාරය
  • හරිත ලිබරල්වාදීන්
  • සත්ව විශේෂ සංරක්ෂණ අරමුදල
  • ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ සංසදය

අප හා එක්වන්න

අපගේ ස්වභාවික උරුමය විනාශ කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය සමග එක්වන්න

අප හා එක්වන්න

අප අමතන්න