ශ්‍රී ලංකාව ලෝකයාගේ ආදරයට බඳුන්වී තිබෙන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමිනුයි. දුටුවන්ගේ මන බඳනා සුන්දර වනාන්තර, අලි ඇතුන්, දිවියන්, වලසුන් ඇතුළු වන සතුන්, දිය ඇලි ශ්‍රී ලංකාවේ හිඟ නොවේ. මෙම සුන්දර ස්වභාවික පරිසරය නොයෙකුත් හේතූන් හමුවේ මේ වනවිට තර්ජනයට ලක්වී ඇත. ශ්‍රී ලංකාව පුරාම මහා පරිමාණයෙන් සිදුවන වන විනාශය මෙරට සමස්ත ජෛව පද්ධතියම විශාල අනතුරකට කැඳවාගෙන යමින් තිබේ.

මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාව පුරා සිදුවන පරිසර විනාශය පිළිබඳ අවබෝධයක් ඔබට ලබාගත හැකිවේ. මේ සඳහා සේයාරු, වීඩියෝ පට, සහ අදහස් භාවිතා කරන අතර ඒ සඳහා ඔබටද දායක විය හැකිය. මේ අනුව, මෙරට සිදුවන පරිසර විනාශයට එරෙහිව අප සමග අත්වැල් බැඳගනිමින් සිය යුතුකම් කොටස ඉටුකිරීමට ඔබ ඉදිරියට පැමිණෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. සියළු සත්ත්වයින්ට පිරිසිදු ජලය, පිරිසිදු වාතය, සශ්‍රීක පස, පිරිසිදු සාගර දායද කරන මෙම ස්වභාවික පරිසරය අප විසින් රැකගත යුත්තේ වර්තමාන පරපුර සඳහා පමණක් නොව අනාගතයේ උපදින්නට සිටින දරුවන්ටද එම සම්පත් ඉතිරි කිරීම සඳහායි.

අප හා එක්වන්න

අපගේ ස්වභාවික උරුමය විනාශ කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය සමග එක්වන්න.

අපි එකතුව නැගී සිටින්නේ

  • අපගේ ස්වභාවිත සම්පත් ආරක්ෂාකර ගැනීමටයි
  • අපගේ වනජීවීන් සහ ඔවුන්ගේ වාසස්ථාන රැකගැනීමටයි.
  • අවසානයට අපට ඉතිරිවී තිබෙන ස්වභාවික වනාන්තර රැකගැනීමටයි.
  • ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අපගේ ජල සම්පත රැකගැනීම සඳහායි.
  • මෙරට වර්තමාන සහ අනාගත පරපුර වෙනුවෙන් අපගේ ස්වභාවික උරුමය රැකගැනීමටයි.
  • ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් මෙරට ස්වෛරීත්වය ආරක්ෂා කිරීමටයි.
Top

Coalition to Protect Our Natural Heritage