අන්තර්ජාල පෙත්සම

Online Petition

හස්තීන් සුරැකීම වස් අනවසර විදුලි ඇටවුම් තහනම් කරන්න

Ban Illegal Electricity Lines and Protect Elephants

Petition: Ban Illegal Electricity Lines and Protect Elephants

පෙත්සම: හස්තීන් සුරැකීම වස් අනවසර විදුලි ඇටවුම් තහනම් කරන්න

To: 

Mr. Ranil Wickramasinghe, 

The President of Sri Lanka,

Presidential Secretariate,

Colombo.


Urgent Action Required to Address Illegal Electricity Lines and Protect Sri Lankan Elephants

Dear Mr. President,

We, the undersigned, write to you today to bring your immediate attention to a grave and pressing issue - the alarming rate of elephant deaths due to illegal electricity lines in Sri Lanka.

As stewards of a land graced by the magnificent Sri Lankan elephants (Elephas maximus maximus), a subspecies of Asian Elephants native to our island and an endangered species, we are at a critical juncture. Sri Lanka boasts the highest density of Asian Elephants globally, yet we face a dire crisis: more than 400 elephants are being killed annually, with 422 fatalities in 2022 and an unprecedented 445 deaths in 2023 so far.

The primary cause of these tragic losses is the illegal and hazardous use of main grid electricity by individuals to protect their croplands, a practice that is not only unlawful but profoundly unethical. It is distressing to note that the Ceylon Electricity Board, The Sri Lanka Police, and The Department of Wildlife have been lethargic in enforcing laws against such wildlife crimes. This lack of stern action has not only exacerbated the situation but also betrayed our duty as a nation to protect these gentle giants.

As per our constitution and various international treaties and conventions, the government of Sri Lanka is bound to safeguard these magnificent creatures. Elephants are not only a vital part of our ecosystem, serving as keystone species crucial for the well-being of our diverse flora and fauna, but they also play a significant role in our culture, heritage, and economy. From being an integral part of our festivals and traditions to contributing millions in foreign income through eco-tourism and wildlife tourism, their value is immeasurable.

It is quite pathetic that the current situation unfolds under the leadership of the United National Party, symbolized by the elephant. The unprecedented number of elephant deaths during your tenure is a matter of national shame and requires your immediate and decisive intervention.

We urgently call upon you and your administration to:

As citizens deeply concerned about the legacy we leave for future generations, we implore you to act now. The time to save our elephants is not tomorrow – it is today.

Thank you,

Nature loving citizen,

වෙත:

රනිල් වික්‍රමසිංහ මහතා,

ශ්‍රී ලංකාවේ ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.


ශ්‍රී ලංකාවේ හස්තීන් සුරැකීම පිණිස අනවසර විදුලි ඇටවුම් පිටුදැකීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග වල හදිසි අවශ්‍යතාව

ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංකාවේ නීති විරෝධී විදුලි රැහැන් හේතුවෙන් සිදුවන අලි මරණ සංඛ්‍යාව දිනෙන් දින සීග්‍රයෙන් ඉහළ යන අතර එහි බරපතලකම හා එය පිටුදැකීමේ කාලීන අවශ්‍යතාවය වෙත ඔබගේ කඩිනම් අවධානය යොමු කිරීම වස්, පහත අත්සන් කර ඇති අපි මෙම මහජන පෙත්සම ඔබ වෙත යොමු කරන්නෙමු.

අපගේ මනරම් දිවයිනට ආවේණික ආසියානු අලින්ගේ උප විශේෂයක් වන සහ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශ්‍රී ලාංකේය අලි ඇතුන්ගේ (Elephas maximus maximus) භාරකරුවන් වශයෙන් ශ්‍රී ලාංකික ජනතාව වන අප අද සිටින්නේ තීරණාත්මක සන්ධිස්ථානයක ය. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ඉහළම ආසියානු අලි ඝනත්වය ඇති රට වශයෙන් පුරසාරම් දොඩන නමුත් අපි දරුණු අර්බුදයකට මුහුණ දී සිටී. අද වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව අලි ඇතුන් 400කට වැඩි ප්‍රමාණයක් මරා දැමෙන අතර 2022 දී එය අලි මරණ 422 ක් සහ 2023 දී පෙර නොවූ විරූ ලෙස අලි මරණ 445 ක් දක්වා උත්සන්න වී තිබේ.

ඛේදනීය ලෙස මෙලෙස හස්තීන් ඝාතනයට ලක් වන ප්‍රධාන හේතුවක් වන්නේ පුද්ගලයන් විසින් තම වගාබිම් ආරක්ෂා කර ගැනීම සඳහා නීති විරෝධී හා ඉතා අනතුරුදායක ලෙස ප්‍රධාන ජාලයේ විදුලිය භාවිතා කිරීමය. එය නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධී ක්‍රියාවකි. ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව මෙවැනි වනජීවී අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී උදාසීන ලෙස ක්‍රියා කිරීම දැඩි කණගාටුවට කරුණකි. මෙම නීති විරෝධී කටයුතු වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග නොගැනීම තත්ත්වය තවත් උග්‍ර කරනවා පමණක් නොව ජාතියක් ලෙස අප හට පැවරී ඇති අලි ඇතුන් රැකගැනීමේ වගකීමද පැහැර හැරීමකි.

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අප බැඳී සිටින විවිධ ජාත්‍යන්තර ගිවිසුම් සහ සම්මුතීන් අනුව, ශ්‍රී ලංකා රාජ්‍යය මෙම අසිරිමත් ජීවීන් ආරක්ෂා කිරීමට බැඳී සිටී. අලි ඇතුන් අපගේ පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය අංගයක් පමණක් නොව, අපගේ විවිධ ශාක හා සත්ත්ව විශේෂවල යහපැවැත්ම උදෙසා අත්‍යාවශ්‍ය හා තීරණාත්මක පාරිසරික සේවා රැසක් සපයන මුල්ගල් විශේෂයක් ලෙස දැවැන්ත කාරයභාරයක් ඉටු කරයි. එමෙන්ම ඔවුන් අපගේ සංස්කෘතික උරුමය සහ ආර්ථිකය සඳහා ද සැලකිය යුතු දායකත්වයක් දක්වයි. අපගේ සංස්කෘතියේ හා සම්ප්‍රදායන්හි මූල සංකේතයක් වීමේ සිට පාරිසරික සහ වනජීවී සංචාරක ව්‍යාපාරය හරහා මිලියන ගණනක විදේශ ආදායමක් රට තුලට ගෙන ඒමට දායක වීම දක්වා ඔවුන්ගේ සේවාව සහ වටිනාකම අපමණය.

අලියා සංකේතය වශයෙන් භාවිතා කරන එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය යටතේ අලි ඇතුන් මුහුණපා සිටින මේ ඛේදනීය ඉරණම තවදුරටත් වර්ධනය වීම ඉතාමත් ශෝචනීය ය. ඔබගේ පාලන කාලය තුළ පෙර නොවූ විරූ හස්ති මරණ සංඛ්‍යාවක් සිදුවීම ලැජ්ජාවට කරුණක් වන අතර එය වැලැක්වීම සඳහා ඔබගේ කඩිනම් සහ තීරණාත්මක මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍ය වේ.

අපි ඔබෙන් සහ ඔබගේ පරිපාලනයෙන් ඉල්ලා සිටින්නේ:

අනාගත පරම්පරාවන් සඳහා අපගේ අද දවසේ වගකීම පිළිබඳව පුරවැසියන් වශයෙන් අපි දැඩි සැලකිල්ලක් දක්වන බැවින්, මෙම තත්වය මැඩපැවැත්වීම උදෙසා වහ වහා ක්‍රියා කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. අපේ අලි ඇතුන් බේරා ගැනීම උදෙසා ක්‍රියාත්මක විය යුතු මොහොත එළඹෙන්නේ හෙට නොවේ - එය අද එළඹ ඇත.

ස්තූතියි,

මෙයට පරිසරයට ලැදි,


246

People Signed so far.

_

Information and Disclaimer Notice for Petition Signatories

Data Collection: By signing, you agree to provide your name, district/country, email, and comments.

Usage: Your details will be included in the petition to the President of Sri Lanka, advocating for urgent action to protect Sri Lankan elephants.

Confidentiality: Your personal data will not be shared with third parties.

Communication: Your email will be used only to update you on the progress.

Consent: Your signature indicates consent to these terms. You may withdraw at any time, but withdrawal after submission may not remove your details from the petition.

For questions or concerns, please contact surakimulk@gmail.com.

Thank you for supporting elephant conservation in Sri Lanka.

Protect Sri Lanka

Join us 

At National Environmental Convention 2023 

on December 23rd, 2023 

2.30 pm onwards

at Viharamahadevi Park, Colombo